Thursday, October 13, 2011

ෆිල්ම් බොක්ස් , චැට් බොක්ස් .. කෝකද හොඳ ?

කෙල්ලනේ...

අම්මෝ සතුටුයි... මැස්සො වහ වහා තිබුන බ්ලොග් ලෑල්ලට අඩු ගානෙ දෙන්නක් ෆලෝ කරන බව කියලා ගිහින්. ඒත් මැදැයි.
ඔන්න අද මේක ලියන්නෙ කෙල්ලො සෙට් එකෙ තුන්වෙනි එකී. ඒ වයසින්. කරන වැඩ වලින් තුන්වෙනි පන්තියෙ එහෙම නෙවේ හරිද ඔන්න.

චැට් බොක්සි හරහා ලවු කරන එකයි,  ‍ෆිල්ම් හෝල් වල බොක්ස් වල ලවු කරන එකයි දෙකේ තියන සමාන හා අසමානකම් ලියන්ඩයි අද ලෑස්ති වෙන්නෙ.

චැට් බොක්සි හරහා = චැට් ලවු
‍ෆිල්ම් බොක්ස් හරහා = ‍ෆිල්ම්  ලවු  කියලා දාගමුකො කියවන්ට ලේසියට එහෙනම්.

ඔබ චැට් බොක්සය හරහා මල් කඩනවා නම් , ශාරීරික හානි අඩුය. ඒත් ටයිප් කරන අකුරක් ගානේ තව කොහේ හරි ඉස්ටෝරු වෙන එකනම් මතක තියාගන්ඩ. ‍ෆිල්ම් බොක්සය හරහා නම් (මම ගිහින් නැතත්) ශාරිරික ලවු එක සිද්ද වෙනවානේ.

චැට් බොක්සිය අස්සේ ලියන පේලි, විඩියෝ එකෙන් පේන රූප , එතකොට කටහඬ අනික් එකාට ඔයාගෙන් අහන්නෙ නැතුව රෙකෝඩ් කරගන්ඩ , ස්ක්‍රීන් ශොට් ගසා ගන්ඩ උපරිම නිදහස තියෙන තැනකි. ‍ෆිල්ම් බොක්ස් එක නම්කාගෙත් ඇස් වහලා පැනල යන්ඩවත් පුලුවනි. සාක්කි අඩුයි.

චැට් බොක්සිය ඕනෙ වෙලාවක ඕපන් ෆෝ යූස්. ‍ෆිල්ම් නම් ඉතින් යන වෙලාවට විතරනෙ.

චැට් බොක්සිය හරහා , එකක් ඇත්තටම හිත හිතා අනෙකක් ටයිප් කරන්ඩ පුලුවනිය. ඒත් ‍ෆිල්ම් බොක්ස් එකකින් නම් එහෙම බැරුව ඇති නේ???? (සිනා සිනා)

චැට් බොක්සියෙන් එක පාර මල් දහයක් සමාන්තරව කඩා ගත හැකිය. ඔබ දක්ශ නම් , අනිකාට හවු වෙන්නෙ නැත. ‍ෆිල්ම් බොක්සියෙන් නම් එහෙම බෑනේ ඉතින් නේදැ ????? (සිනා සිනා)

චැට් බොක්සියෙන් නම් හැන්ගෙන්ඩ පුලුවන්, ඉන්විසිබල් කියයි. සයින් අවුට් කියයි. එක එක ඒවා... ඒත් ‍ෆිල්ම් බොක්සියෙ නම් දොර ඇරියොත් , හැන්ගෙංඩ පුලුවනිද???? (සිනා සිනා)

ඔන්න ඉතින් මට තෙරෙන්නැහෙ ලිව්වා.

කෙල්ලනේ (කොල්ලො ශුවර් මේක හොරෙන් කියවනවා) .... දැන් පේනව නේද බයානක කම ?

ඕකෙ ලවු කරන්ට කලින් .... හිතන්න එක වරක් නෙවේ සිය වරක්....

හෙට උදෙ වෙද්දි කොපි දාස් ගානක් හැදිලා ඔයාල කරපු එක රෑක මල් නෙලිල්ල :-) නේද??????

4 comments:

  1. අන්තර්ජාලේ තියෙන සමහර ෆොටෝ වීඩියෝ දැක්කම හිතෙන්නේ චැට් බොක්ස් වල ලව් කරන කෙල්ලෝ කොච්චර මෝඩද කියලා මන් නම් හිතන්නේ ඊට වඩා ෆිල්ම් බොක්ස් ඇතුලේ ලව් කරන එක හොඳයි කියලා මොකද එහෙම ඒවා අස්සේ ගහපු ෆොටෝ වීඩියෝ මන් දැකලාම නැති නිසා

    ReplyDelete
  2. මේක් කියෙවුවම තේරෙන විදියටනම් ලියපු කෙනාට මේ දෙක ගැනම හොඳට පලපුරුද්ද තියෙන පාටයි :D

    ReplyDelete
  3. ඒකනේ චැට් බොක්ස් තමයි බයානක... දන්න එකෙක් නම් ටිකක් හරි ශේප් නොදන්න එකෙක් නම් ඉතින් බඩුම තමයි....:D අනික මෙච්චර බොක්ස්, රූම් තියෙද්දී මොකට ඕවයේ වේලෙනවද නේද:p

    ReplyDelete
  4. ම : ඒක නම් ඇත්ත. ෆිල්ම් බොක්ස් වල ඇයි ඇත්තටම ඒවාගෙ වීඩියෝ නැත්තේ? ප්‍රශ්නයක්? කරුවල නිසාද?
    ම, ඔයා කියනව වගෙ සමහර කෙල්ලො නම් ඇත්තටම මෝඩයි. ඒ අත්දැකීමුත් බෙදාගනිමු.

    ..චන්දික..
    අන්න අන්න. හඳ පෙන්නුවාම ඇඟිල්ල හොයනව. අයියෙ අපි මේවාට මුහුණ දුන්නත් නොදුන්නත් ඉස්සරහට එක ගෑනුලෙමයෙක්ව වත් මේකෙන් බේරගන්න ඕනේ නේද? අලුත් ලිපිය බලන්න.

    සෝඩා ගුණේ, ඇත්ත අයියා. නොදන්න අය එක්ක සමහර මෝඩ කෙල්ලනුත් සෙල්ලම් කරනවා.එයාලගෙ මොලේ පෑදෙන්න තමයි මේක ලියන්නෙ.
    ලිව්ව හැමෝටම ස්තූතියි

    ReplyDelete