Friday, October 14, 2011

ස්ටේටස් අප්ඩේට් ලියන්නෙ බලාගෙනයි !

මේක ෆෙස් බුක් කතාවක්.
කෙ/ කො ල්ලන්ට කතාවක්...


එකසිය ගානට ස්ටේටස් අප්ඩේට් වලින් ආගිය , උන් හිටි හැම එකම , කොම්පීටරෙන්, ෆෝන් එකෙන් වමාරන ඕනෙ කෙනෙක්ට කියන කතාවක්.

ඕයික හරි අනතුරුදායක වැඩක්.  ඉන්න තැන් ආව වෙලාවල් , පිටත් වුනු වෙලාවල්, හිටිය තැන්... ඔය හැම දේම එලිදරව් කරලා නේද අපි දන්නෙවත් නැතුවම ?

ඔන්න කොල්ලනේ , කෙල්ලනේ බලාගෙනයි.  අපේ පුද්ගලික ජීවිතේ ඕනාවට වැඩියේ එලියට දාන්න එපා.

වුරු හරි අහයි , දැන් මම විල්පත්තු ට්‍රිප් එකක් යනවා. ඕක ෆේස්බුක් එකේ, ගූගල් එකේ දැම්මම වැරැද්ද මොකක්ද කියල. වැරැද්දක් නම් නෑ තමා. පවුල් පිටින් ගමන් යනකොට , හිස් ගෙවල් වලට පනින හොරු නූතන කාලෙ ෆේස් බුක් එකෙ බලාගෙන ඉන්නවද කවුද දන්නෙ ? 

නේද?

ඔන්න අද ලියුම කෙල්ලන්ටයි ,කොල්ලන්ටයි. කට්ටියටම  .... :-)

4 comments:

  1. මමත් දැකලා තියනව ගොඩක් අය ඉන්නතැන්, යන තැන් දාල තියනව ස්ටේටස් විදියට.ටිකක් හිතන්න කියල තමයි කියන්න තියෙන්නෙ එයාලට.

    ප;ලි: වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නකො.

    ReplyDelete
  2. මේකත් පොඩි කුමාරිහාමිගේ වලව්ව වගේ.... කාන්තාවන්ට සාධාරනය ඉටු කරන්නද කොහෙද හදන්නේ....

    ReplyDelete
  3. settings - comments - show word verification for comments - NO

    ReplyDelete
  4. නදී (අක්ක වෙන්න ඕනේ
    ඔව් ඔව් නදී අක්කා... ඒක නම් හරී.....ම භයානක දෙයක් මට හිතෙන්නේ......

    අභීත (අයියාද?)
    පොඩි කුමාරිහාමි කියන එක්කෙනාගෙ බ්ලොග් එකත් දෙන්න. අපිත් එකතු වෙන්නම් එයාට එහෙනම්..:-) ඒ වගේම , මේ කිව්ව පහසුකම අපි දන්නෙ කොහොමද. ඒක අයින් කරන්නම්. ස්තූතියි එහෙනම් මහ හුඟාක්...

    ReplyDelete